මීයන් කෑ කඩල විකුණන්න බැරිවේ


පිටකොටුව හතරවන හරස්වීදියේ ගබඩාවක තිබි පරිභෝජනයට නුසුදුසු කඩල කිලෝ 2000ක් වියලි මිරිස් කිලෝ 100ක්, කොත්තමල්ලි කිලෝ 50ක් පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකකය සොයාගත්තේය.
වෙළඳපොලට නිකුත් කිරීම සඳහා සූදානම්කර තිබූ මෙම ආහාර ද්‍රව්‍ය මීයන් විසින් කා දමා තිබූ බවත් අධිකාරිය පවසයි.
ගබඩාව අයත් ව්‍යාපාරිකයාට නඩු පැවැරීමට අධිකාරිය පියවරගෙන ඇත.