ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට වැලිකන්ද, නාමල්ගම, නාවල්අඩි ප්‍රදේශයේදී අලි රංචුවක හැපීමෙන් අනතුරට ලක්වී පීලී පැන ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
දුම්රියේ ගැටුණු අලි තිදෙනෙක් මෙම අනතුරින් මියගොස් ඇත.
දුම්රිය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීහු 700ක් පමණ ගමන් ගනිමින් සිටි බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් දුම්රිය මාර්ගයට ද අනතුරින් දැඩි ලෙස හානි සිදුවී තිබේ.
මේ හේතුවෙන් මඩකලපුව සිට ගල්ඔය දක්වා දුම්රිය ධාවනය ඊයේ (6) රාත්‍රීයේ සිට තාවකාලිකව නවතා දමා ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
ඡායාරූප - ක.ග.කරුණාරත්න






