මීතොටමුල්ල ප‍්‍රදේශයේ සිදුවූ අවසනාවන්ත සිදු වීමෙන් තම හිතවතුන්ගේ ජීවිත අහිමි වීමෙන් ශෝකයට පත් සියලූම පවුල්වලට ශෝකය පළ කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා පවසයි.
මෙම සිදුවීම නිසා සියයකට අධික පවුල්වල ජන ජිවිතය බිඳ වැටී ඇත. එම ජනජීවිත නැවත යථාතත්වයට පත්කරලීම සඳහා ගත යුතු සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත් නැවත මෙවැනි උපද්‍රව නොවීමට කටයුතු සලසන ලෙසත් විපක්ෂනායකවරයා රජයෙන් ඉල්ලා සිටියි.
අවසනාවන්ත ලෙස මෙම ආපදාවට ගොදුරු වූ අපගේ සහෝදර සහෝදරියන් වෙත සහයෝගිතාවය දක්වන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

