(තරිඳු ජයවර්ධන)
මීතොටමුල්ල කුණු කන්දේ ඇති වූ ගින්නක් පැය හයක මෙහෙයුමකින් පසු මීට ටික වේලාවකට පෙර නිමා දැමූ බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග කියයි.
ගින්න නිවීම සඳහා ගිනි නිවන ඒකක හතරකින් සහභාගී වී තිබේ.
කණු කන්ද මුදුනේ හටගත් ගින්නෙන් නැඟි දුමෙන් ප්‍රදේශයම වැසී ගිය බවත්, ඉන් පිටවූ දුමෙන් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ඇති වෙතියි බියට පත්වී සිටින බවත් ප්‍රදේශවාසීහු කියති.
මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ලෙස අවස්ථා ගණනාවකදී ප්‍රදේශවාසීහු උත්සාහ කළහ. දේශපාලන කඹ ඇදිල්ලක් නිසා කුණු කන්ද ඉවත් කිරීමට නොහැකි වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.


