මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
රත්ගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි තබා මරා දැමීයැයි සැකපිට ඇප මත මුදා හැර සිටින වේරංග ලක්ෂාන් රාජකරුණා නමැති සැකකරු ඉලක්ක කරගෙන වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි. ඔහුගේ නිවස අසල ටී56 ගිනි අවියකින් වෙඩි 5ත් පමණ තබා ඇතැයිද බිත්තියකට හා ගසකට වෙඩි වැදී ඇතැයිද පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙන්නා නිවසකට වෙඩි තබද්දී එහි සිටි බව කියන සැකකරු ගෙට පැන බේරී ඇතැයි ද කියති.
ඡායාරූප - දේමුණි සම්පත්
ජායාරූප - අමිල මධුෂංක
විඩියෝ දිපාල් ද සිල්වා



![DSC00020[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000201.jpg)
![DSC00022[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000221.jpg)
![DSC00028[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000281.jpg)
![DSC00029[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000291.jpg)
![DSC00030[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000301.jpg)
![DSC00031[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC000311.jpg)
