මීටියාගොඩ නවගම ශ්‍රී දක්ෂිණාරමයට ඇතුළු වූ ආයුද සන්නද්ධ කණ්ඩායමක් විහාරාධිපති හිමියන් බැඳදමා රුපියල් 95,000 ද කළුවර ලීයෙන් කරවන ලද කැටයම් කිහිපයක් ද ජංගම දුරකතන දෙකක් ද පැහැරගෙන ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි. විහාරයේ අලුත් වැඩියා සඳහා එකතු කර ගත් මුදල් මෙසේ පැහැරගෙන ගොස් ඇත.

