මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරිකයා හා ඔහුගේ භාර්යාව මරා දැමීමට පෙර පොලිසියට කළ පැමිණිලි නිසි ලෙස විභාග නොකළැයි එහි අපරාධ අංශයේ ස්ථානාධිපති හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් පරීක්ෂක ප්‍රසන්න මෙන්ඩිස් හා කොස්තාපල් මෙත්තානන්ද එම දෙදෙනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
සුනිල් ශාන්ත මල්ලියාවඩු හා ප්‍රියංගනී මහදුර යන ව්‍යාපාරික යුවළ පසුගිය පළවැනිදා මරා දමනු ලැබීය.

