මීටරේ ‘නිධානෙන්‘ විදුලි කාර්මිකයා කූඩුවට


මොනරාගල දඹගල්ලේ කටුපැළැල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙදර විදුලි මිටර පෙට්ටියේ තිබු රුපියල් හාරලක්ෂ විසි දහසක් හා  පවුම් දෙකකට ආසන්න රන් දම්වැලක්ද අත් පළදනාවක්ද සමඟ  විදුලිබල මණ්ඩලයේ කාර්මික සාහයකයෙක් දඹගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට පැමිණි කාර්මිකයා එම මුදල් හා භාණ්ඩ රැගෙන යද්දීම පොලීසියට කොටු වී ඇතැයි කියති.

ව්‍යාපාරිකයාගේ නිවස මීට පෙර දෙවරක්ම හොරුන්ගේ ග්‍රහණයට ලක්වුයෙන් ආරක්ෂාව සඳහා මේ භාණ්ඩ හා මුදල් මීටර් පෙට්ටියේ සඟවා ඇත.

00067 00085 00087 00088 S2000004