මීටරයට ආය කටු ගහලා


මතුගම හා පිඹුරේ නිවාස හතරක විදුලි මිටර තුනකට  ආයකටු ගැසීමෙන් ද, මීටරය මඟහැර වයරයක් ඇදීමෙන්ද අනවසරයෙන් විදුලිය  ගෙන ඇති බව අද සොයා ගත්තේය.

මේ ගෙවල් හිමියන්ගෙන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෝ ය.

තව අයෙක් ලංගම සේවකයෙකි.

අනෙක් තැනැත්තා පෙදරේරුවෙකි.

එක් නිවසක කාමර රැසකටම උණුවතුර ගීසර තුබූ බව ද පොලීසිය කියයි.

මතුගම පොලිස් ස්ථානාධිපති ටී ලුඩොවයික්  හා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර විමර්ශන නිලධාරී ෂෙල්ටන් ගුණසේකර   මහත්වරු මේ වැටලීම මෙහෙය වූහ.