ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවට තිදෙනකු මිය ගොස් ඇතැයි රන්ටැඹේ ශිෂ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ආරංචි කියයි.
2008 වසරේ රත්නපුර අට වැනි බලඇණියට බලංගොඩ ආනන්ද මෛත්‍රීය විදුහලේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු වසන්ති නයනී ජයසේකර (15) නම් සිසුවියක මෙසේ පුහුණුව ලබද්දී මිය ගිය අතර ඇගේ මරණය ඇසූ ඇගේ පියා ද එදිනම මිය ගියේය.
අනතුරුව 2011 ඔක්තෝබර 04 වැනිදා කුරුණෑගල හතරවැනි බලඇණියට අයත් පොල්ගහලෙන රත්මල්ගොඩ මහා විද්‍යාලයේ ඉෂාරා සඳමාලි බස්නායක (15) සිසුවිය ද පුහුණුව ලබද්දී මිය ගොස් ඇත.
විදුහල්පති නායකත්ව පුහුණුව අතරතුර ඊයේ (30) මිය ගිය රත්දොළුගම පඤ්ඤානන්ද විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික්‍රමසිංහ මහතා රන්ටැඹේදී මිය ගිය තුන්වැන්නායි.
රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයට ආසන්නම රෝහල මොරවැව අඹගහපැලැස්ස ප්‍රාථමික රෝහල බටත්, එම රෝහලට යෑමට කිලෝමීටර් අටක් යා යුතු බවත්, මහියංගනය මූලික රෝහලට යෑමට කිලෝමීටර් 25 යා යුතු බවත්, මෙම පුහුණු මධ්‍යස්ථානයේ කාලයක සිට වෛද්‍යවරයකු නොසිටි බවට විශ්වාස වන්ත තොරතුරු ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය වන රක්ෂිතයක් මැද පිහිටි නිසා රාත්‍රී කාලයේ හදිසි අසනීපයකට ලක්වූවකු වන අලින්ගේ තර්ජන නිසා රේහල් ගෙනයාමේ නොහැකියාවක් ඇතැයි ද ස්ටාලින් මහතා සඳහන් කරයි.
1881දී ජාතික ශිෂ්‍ය භට බලකාය ආරම්භ කර ඇති අතර වයස අවුරුදු 16ට ඉහළ සිසුන් මෙහි පුහුණුව ලැබූවත් 2005 සිට එම වයස් සීමාව අවුරුදු 14 දක්වා අඩු කර ඇත.
1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගිතා (පරීපූරක හමුදා) පනත යටතේ ශිෂ්‍ය භට නිලධාරීන් ලෙස බඳවා ගත හැක්කේ ද වයස අවුරුදු 30ට අඩු ගුරුවරුන් පමණක් බවට සඳහන්ව තිබියදී විශ්‍රාව යෑමට ආසන්න වයසේ පසුවන විදුහල්පතිවරුන් ඒ සඳහා යොමු කිරීමෙන් මේ කණගාටුදායක ඉරණම අත්වූ බව ද ස්ටාලින් මහතා කීවේය.
රන්ටැඹේ කඳවුරේ වෛද්‍යවරයෙක් නොවූවත් ආරක්ෂ අමාත්‍යංශයට මගින් වෛද්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ප්‍රතිපාදන ලබා දීම සිදුවන බවද දැනගන්නට ඇත.
පුහුණුවට ආ කිසිම විදුහල්පතිවරුයකු එම පුහුණු මධ්‍යස්ථානයේදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර නැතැයි ද දැනගන්නට ඇත.
සබැඳි පුවත්

