ගල්ගමුව මීගලෑවේ දිනිඳු යශේන් දරුවා (04) පැහැරගෙන ගොස් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු නුදුරු දිනකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවෝ සිව් දෙනා අදත් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලැබූහ.
දිනිඳු රඳවා ගත් බව කියන අඹන්පොළ නිවසේ හිමිකරු හා පෙරගෙවුම් කාඩ් වෙළෙන්දෙක් අද සැකකරුවන් සිව්දෙනා හඳුනා ගත්හ.
මංජුල සඳකැලුම් (32), චතුරංග කුමාර (27), දිනේෂ් ප්‍රියසාද් (23) සහ සංජීව විජේකෝන් (21) සැකකරුවෝය.
පැමිණිල්ල ලබන 29 වැනි දා නැවත කැඳවීමට නියමිතය.






