මීගලෑව කටුගම්පලගම දිනිඳු යශේන් ලංකානාථ දරුවා පැහැර ගෙන රුපියල් කෝටියක් කප්පමක් ඉල්ලීයැයි සැකපිට රිමාන්ඩ් කැර සිටින පස් දෙනා ඔක්තෝබර පළමු වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් ඩී එම් රුවන් ධම්මික මහතා නියෝ කළේය.
මංජුල සඳකැලුම්, ඩබ්ලිව් පී එස් චතුරංග කුමාර, එච් එම් දිනේෂ් ප්‍රියසාද්, ඩී ඩබ්ලිව් ඒ සංජීව විජේකෝන් සහ අතුල බණ්ඩාර පියසුන්දර සැකකරුවෝය.
පස් වැනි සැකකරු පියසුන්දරට නීතීඥ සහාය නොදෙන්නැයි සිංහල හා මුස්ලිම් ප්‍රදේශවාසීහු අධිකරණය අසල පාදෙනිය අනුරාධපුර මාර්ගයේ නිහඬ විරෝධතාවක් පැවැත්වූහ.
නීතීඥවරුනට පොලිස් ආරක්ෂාව ලබා දී තිබිණි.

