මීට වසර 220ක් පමණ පෙර ලන්දේසීන් විසින් මීගමුව කඳවල ප්‍රදේශයේ ඉදිකළ අඩි 150ක් පමණ උස කලුනක් අද අලුයම කඩාවැටීමෙන් ඒ අසල තිබූ කටාන මධ්‍යම බෙහෙත් ශාලාවට ද දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
1796 වසරේ ලන්දේසීන් මෙම කුලුන ඉදිකර ඇත්තේ සන්නිවේදන කටයුතු හා මැනුම් කටයුතු සඳහා බව පැවැසේ. මෙයින් කිසිවකුටත් හානියක් සිදුව නොමැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් බව කියන මෙම කුලුන පිපිරුම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අදාල බලධාරිනට දැනුම්වත් කර තිබූ බව ප්‍රදේශවාසීයු කියති.





