මීගමුවේ මාළු ධීවරයින් හා කරවල ධීවරයින් අතර ගැටුමකින් ගෙවල් දෙකකට, ත්‍රී රෝද රිය තුනකට හා තවත් වාහන කිහිපයකට අලාභ හානි කර බෝට්ටුවක්ද ගිනි තබා ඇතැයි පොලීසිය කියයි.
පහර කෑ ධීවරයෝ දෙදෙනෙක් රෝහල ගත කරනු ලැබූහ.
මාතර, හම්බන්තොට හා තංගල්ල ප්‍රදේශ වලින් එන බව කියන මාළු කරවල කර අඩුමිලට විකුණතියි අලුත් මාළු ධීවරයෝ කරවල ධීවරයන් සමග ගැටුමකට පැටලී ඇතැයි ද කියති. මේ වන විට ආරක්ෂාව සඳහා සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.

