මීගමුව කුරණ පරාක්‍රම පාර අසල දී සඳුදා (03) රාත්‍රි 9.30 ට පමණ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.
බෝම්බය පිපිරිමෙන් අසල වාහන කීපයකට ද හානි සිදු විය. බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරේ.





