මීගමුව රෝහල ලෙඩ ගොඩක්


වැසි දිනවලට මීගමු රෝහලේ  ඇතැම් වාට්ටුවල වහලෙන් වැටෙන වතුර  රැස් කිරිමට භාජන තබා ඇත.සැත්කම්වලට ලක් කරන රෝගීන් එක ඇදෙහි දෙන්නා බැගින් සිටින අතර රෝහලේ වැසිකිලි පද්ධතියද නිසි අයුරින් නොමැත.

අද (14) මීගමුව රෝහලේ  නීරීක්ෂණ චාරිකාවකට ගිය බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට රෝහලේ එම තත්ත්වය දකින්ට ලැබිණි.

රෝගීහු දහසකට අධික ප්‍රමාණයක්  මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

මන්ත්‍රීවරුන් රෝහල් කාර්ය මණ්ඩලයට පැවසුයේ මේ පිළිබඳව පළාත් සභාවේදී සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමට ක්‍රියා කරන බවයි.

SAM_5692 SAM_5693 SAM_5694 SAM_5696 SAM_5697 SAM_5698