මීගමු යුවළ ලංකාවට ආඩම්බරයක්


කැනඩාවේ ටොරන්ටෝ නුවර වෙළෙඳ ප්‍රදර්ශනයක දී  ශ්‍රී ලාංකික ව්‍යාපාරික යුවළක්  ශ්‍රී ලංකාවේ පොල් කිරි වෙනුවෙන් සම්මානයක් දිනා ගත්හ.

‘ඇරයුම‘ නමින් මෑතකදී පිහිටුවා ගත් සමාගමට මේ විශේෂ සම්මානය හිමි විය.

දෙසතියක් පුරා පැවැති සම්මානයේ දී මීගමුවේ චානක කුරේරා හා ඔහුගේ බිරිය මාරිසේ මේ මෙම සම්මානයට හිමිකම් ලැබූහ.

ශ්‍රී ලංකාවෙන් උසස් තත්ත්වයේ පරිසර හිතකාමී කෑම බීම ඇතුළු භාණ්ඩ කැනඩාව, ඇමෙරිකාව, යුරෝපය හා වෙනත් රටවල අලෙවියට ඔවුහු සමාගමක් පිහිටුවා ගනු ලැබ සිටිති.

ස්වභාවික පොහොර යොදා වගා කරන බවත්, ඔවුන් අලෙවි කරන පොල්කිරිවලින් ලබන මුදලින් සියයට එකක් ශ්‍රී ලංකාවේ වල් අලින් රැකගැනීමේ අරමුදලට යොදවන බවත් දැනගන්නට ඇත.

චානක , ඔහුගේ බිරිය  හා දරු දෙදෙනා මොන්ට්‍රියල් හා ක්විබෙක් හි පදිංචිව සිටිති.