මීගමු කලපුවේ අනවසර ඉදිකිරීම් කළ අයට තරාතිරම නොබලා දඩුවම් කරන බව බෝට්ටුවකින් කලපුවේ සැරි සැරූ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත් ගුණරත්න මහතා කියයි.
වර්ග සැතපුම් 14කට ආසන්න ප්‍රමාණයක් වූ කලපුව දැන් මිනිස් ආක්‍රමණයෙන් කුඩා වී ඇත.
දඩුගම් ඔයෙන් හා පරණ ලන්දේසි ඇළෙන් ද තවත් ජලමාර්ග රැසකින් ද සම්බන්ධ වන මේ කලපුවේ කඩොලාන කපා වනසා ඇත. කලපුව අවට ඉදිකිරීම් වලින් කලපු ජලය බෙහෙවින්ම දූෂණය වී ඇත.
සංක්‍රමණික හා දේශිය කුරුල්ලන් බෙහෙවින් ගැවසෙන කළපුව ඉවක් බවක් නැති ඉදිකිරීම්වලින් හා අපජලය නිසා වැනැසී ගොසිනි.