මී උණ වලකන පූර්ව ප්‍රතිකාරය නොමිලේ


(අංජුල මහික වීරරත්න)

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

ගංවතුර ආපදා තත්වයෙන් පසු මී උණ (Leptospirosis) රෝගයෙන් ආරක්ෂා වීමේ ප්‍රතිකාර ලබාගැනීමේ  අවශ්‍යතාවය අවධාරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල මී උණ වැලැක්වීමේ පූර්ව ප්‍රතිකාරය (Doxycycline) ජනතාව අතර අවශ්‍යතාව අනුව බෙදාහරිමින් සිටින බව සෞඛ්‍ය  අමාත්‍යාංශය සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ජනතාව දැනුම් දීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදාල පුද්ගලයින් ගංවතුරට නිරාවරණය වීමේ ප්‍රමාණය හා අනෙකුත් සාධක සලක බලා මී උණ වැලැක්වීමේ ප්‍රතිකාරය (Doxycycline) ලබා දිය යුතු නම් ඒවා නොමිලයේ කඩිනමින් නිකුත් කරනු ඇති බවයි.

වැඩි විස්තර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය0112695112 දුරකතන අංකයෙන් හෝ www.epid.gov.lk වෙබ් අඩවියෙන් දැනගත හැකිය.