මිහිරා වෙනුවෙට ෆර්හාන් කට අරි


2016-11-17-ent-62

ජනවාරි 26 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත රාහුල් ඩෝලිකියාගේ "රායිස්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන පාකිස්තානු නිළි මිහිරා ඛාන් වෙනුවට එම චරිතයට වෙනත් නිළියක් ආදේශ නොකරන බව එම චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ෆර්හාන් අක්තාර් පසුගියදා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබේ.

ෆර්හාන් වැඩි දුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ කරන් ජෝහර්ගේ "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයේ පාකිස්තානු නළු පවඩ් ඛාන් රංගනයේ යෙදුන නිසාවෙන් මිහිරාටද "රායිස්" චිත්‍රපටයේ රංගනයේ යෙදිමට අවස්ථාවක් ලබාදිය යුතු බවය. එමෙන්ම කිසිම විටකත් රටවල් අතර, ඇති ගාටළුකාරි තත්ත්වයන් පුද්ගලයන් මතින් පිරිමහා ගන්නට උත්සාහ නොකරන්න කටයුතු කළ යුතු බවත් ඔහු මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණි.