ජනවාරි 06 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනයවීමට නියමිත රාහුල් ඩෝල්කියාගේ "රායිස්" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධවීමට එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන පාකිස්තානු සිනමා නිළි මිහිරා ඛාන් ඉදිරි සතිඅන්තයේදී ඉන්දියාවට පැමිණීමට නියමිත බව සඳහන් වේ.
පසුගිය කාලයේ පාකිස්තානු නළු නිළියන්ට තහනමක් පැනවූ අතර, ඉන්දියාවේ සිටි ඔවුහු නැවතත් පාකිස්තානය බලා පිටත්ව ගියහ. කෙසේ වෙතත්, "රායිස්" චිත්‍රපටයේ නිෂ්පාදන රිතේෂ් සිද්වානිගේ ඉල්ලීමක් මත මිහිරාට යළිත් ඉන්දියාවට පැමිණීමට අවසර ලැබී ඇත.
1980 දශකයේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදුවූ සිදුවීමක් අළලා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ මිහිරා සමගින් ප්‍රධාන නළු චරිතයට පණ පොවනු ලබන්නේ සුපිරි නළු ෂාරුක් ඛාන්ය. ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස සිනමාපටයක පෙනී සිටින පළමු අවස්ථාවද මෙය වෙයි.