මිහින්තලේ පාසලක මත්පැන් සාදයක්


(රෝහණ චන්ද්‍රදාස)
මිහින්තලේ රජයේ පාසලක සිසු පිරිසක් මත්පැන් සාදයක් පැවැත්වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා අද (22) පරීක්ෂණයක් ආරම්භ කළේය.
සිසුවකුගේ උපන්දිනය නිමිත්තෙන් අද උදෑසන 8ට පමණ සිසුන් 7 දෙනකු සාදයක් සංවිධානය කර ඇති අතර පසුව එම සිසුන් මත්ගතියකින් පෙළෙන බව ගුරුවරයකු දැනගෙන ඔවුන් විදුහල්පති වෙත යොමුකරනු ලැබ ඇත. 
පසුව ඒ පිළිබඳ වාර්තාවක් ගැනීමට අදාළ සිසුන් 7 දෙනා මිහින්තලේ රජයේ රෝහලට යොමු කරනු ලැබ සිටිති.