(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට ප්‍රාදේශීය සභා භුමියේදිම පහර දුනේ යැයි කියන එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකු අද (19) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.
එක්සත් ජාතික පක්ෂයේ මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඉන්දික රුක්ෂාන් රාජපක්ෂ මහතා මෙසේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (19)දින මිහින්තලේ පදේශීය සභාවේ මාසික රැස්විම පැවැත්විමට නියමිතව තිබුණි.
එම රැස්විමට සහභාගිවිම සදහා විපක්ෂනායකවින්ෂාර් මොහොමඩ්(එජාප) මහතා සභා භුමියට පැමිනෙමින් සිටියදි සභාවේ නොයෙකුත් දුෂණ චෝදනා,වංචා,අක්‍රමිකතා සිදුවෙමින් තිබුණද ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටින බවට චෝදනා කරමින් ඉන්දික රුක්ෂාන් රාජපක්ෂ මහතා විසින් විපක්ෂනායකවරයාට අතින් පහරදි ඇතැයි පොලිසිය කියයි.
මෙහිදි ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා මිහින්තලය පොලිසියට සිද්ධිය දන්වා ඇති අතර එහිදි සැකකාර මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් තිබේ.
අනතුරුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්විම සභාපති ලාල් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්විම් ශාලාවේදි ආරම්භ විය.
සැකකාර මන්ත්‍රිවරයා අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

