ලෝක පෘථිවි දිනය අදට (22) යෙදී ඇත. මිනිසා පරිසරයත් සමග ඇති බැඳීම මේ දිනයේ දී සැමරෙයි.
සෑම පෘථිවි දිනයකදීම පැළයක් සිටුවීමෙන් පෘථිවියට ආදරය දැක්වීමට සමහරු පුරුදු වී සිටිති. මේ උතුම් දිනයේදීම ගස් කැපීමට උත්සුක වන මිනිසුන් ද නැත්තේ ද නැත. 1970 වර්ෂයේ සිට මේ දක්වා ලෝක පෘථිවි දින කොපමණ අප පසු කර ඇත් ද ? පරිසර හිතකාමී ශාක ප්‍රභේද සිටුවීමෙන් ද, නැතුවම බැරි ජලය සුරැකීමෙන් ද, මෙවර පෘථිවි දිනය සැමරීමට අපට එක්විය හැකියි.