මිස් කෝල් දැරිය රෝහලේ : කාමාතුරයා පොලිසියේ


කොළඹ පාසලක බාල වයස්කාර දැරියකගේ ෆේස්බුක් ගිණුමෙන් ඇගේ ඡායාරූපය නිරුවත් කරන බවට තර්ජනය කර ඇය දවසක් ගෙදරට ගෙන්වා ගත් බව කියන 21 හැවිරිදි තරුණයෙක් කහතුඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටී.

රැකියාවක් නැති මෙම තරුණයා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබ සිටී. දැරියගේ දුරකථනයෙන් තරුණයාගේ ජංගම දුරකථනයට වැරදීමකින් මිස් කෝල් පණිවිඩයක් (මගහැරුණු ඇමතුම) යෑම මේ සිද්ධියට මුල බව පොලිසිය පවසයි.