මිශ්‍ර මැතිවරණ ක්‍රමය ගැසට් කිරීමේ ගැටළුවක් නැහැ


මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන වල නව සභික ධූර සංයුතිය ගැසට් කිරීමෙහි කිසිදු ගැටලුවක් පැන නගින්නේ නැතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆ්රල් සංවිධානය පවසයි. 

පළාත් පාලන ආයතනවල කොට්ඨාශ හා සභික ධූර මාසයක් තුළ ප්‍රකාශයට පත්කිරීමට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තම සංවිධානයට පොරොන්දු වී යැයි ද දැන් ඒ පොරොන්දුව ඉටු කළ යුතුව තිබෙන්නේ යැයි ද එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා “ලංකාදීප” යට පැවැසීය. 

පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා මේ අදහස් පළ කළේ නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවල සභික ධූර සංඛ්‍යාව නිශ්චිතව ගැසට් කළ නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනාවට   පිළිතුරු වශයෙනි.