මිශ්‍ර අධිකරණයකට ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ - සුමන්තිරන්


(සිරාජ් හසීම්)

දේශීය හා විදේශීය විනිසුරුවරුන්ගෙන් යුත් මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු බාධාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් ඇතුළත් මිශ්‍ර අධිකරණයක් පිහිටුවිය යුතුයැයි යන ස්ථාවරයෙන් බැහැර නොවන බව ද ඒ මහතා කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සදහා ඉඩක් නොමැති නම් ව්‍යවස්ථා සංශෝධනය තුළින් හෝ ඊට ඉඩකඩ සකස් කළ යුතු බවත් ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවන් සම්බන්ධ කරනොගන්නා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එසේ විදේශීය විනිසුරුවරුන් සම්බන්ධ කරගත නොහැකි බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණි.

රජයේ මෙම ස්ථාවරය කිසිදු අයුරකින් පිළිගත නොහැකි බව සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.