මිලානෝ නගරයේ සියළුම දේශපාලන පක්ෂ හා කන්ඩායම් එක්වී විශේෂ සම්මන්ත්‍රණයක් වියා වේර්ගා අංක 05 දරන සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (04) ඉරිදා සවස 04ට පැවැත්වීමට නියමිතය.
මෙවර ජනපතිවරණයේ දී, විදේශ ගත ප්‍රජාවට, කළ හැකිව ඇති තම තමන්ගේ පවුල්වල සාමාජිකයන්, නෑ හිතමිත්‍රාදීන් ඡන්ද මධ්‍යස්ථානයන් වෙත හැකි උපරිමයෙන් යවමින්, සියලුම දෙනා අපේක්ෂා කරන්නා වූ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් හැකි උපරිමයෙන් විදේශ ගත ශ්‍රී ලංකා ප්‍රජාවගේ දායකත්වය පුද කිරීම පිළිබදව උපරිම අවබෝධයක් ලබාදීමයි මෙම හමුවේ අරමුණ බව සංවිධායකයෝ පවසති.
මෛත්‍රිවපාල සිරිසේන මැතිතුමන්, රනිල් වික්රකමසිංහ මැතිතුමන්, ඇතුළු දේශපාලනික නායකයින් රැසක් ද, කලාකරුවන් පිරිසක් ද එදින ස්කයිප් තාක්ෂණය ඔස්සේ මිලානෝ නගර වාසි ශ්‍රී ලාංකිකයන් ඇමතීමට නියමිතව ඇත.
දේපාලන පක්ෂ පමණක් නොවල මිලානෝ හී ශ්‍රී ලාංකිකයෝ සියලුම දෙනා එක්ව මෙය සංවිධානය කළහ.

