එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෝ පෙළපාළියක් හා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
‘ත්‍රස්තවාදයට උදවු නොකරනු ’, ‘ශ්‍රී ලංකාව දෙකට බෙදීමේ කොටි කුමන්ත්‍රණ පරදවමු ‘ ආදී සටන් පාඨ කියමින් පියස්ස රිපුබ්බ්ලික සිට මිලානෝ ප්‍රධාන දුම්රිය ස්ථානය දක්වා පෙළපාළියකින් පැමිණි උද්ඝෝෂකයෝ එහි රැළියක් පැවැත්වුහ.

