ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමයේ දායක සභා සාමාජිකයන් තොරා ගැනීමේ රැස්වීම සන්නද්ධ පොලිස් ආරක්ෂාව යටතේ ඉරිදා පැවැත්විණි.
දායක සභාවේ දෙපරිසක් අතර ගැටුමක් ඊට හේතු විය.
විහාරයේ වැඩ වසන ඔලබොටුවේ ධම්මික හිමියන් පැවසුවේ එක් කණ්ඩායමක් ප්‍රධාන ශාලාවේ දොර වසාගෙන නිලවරණයට සූදානම් වූ අවස්ථාවේ සියලු දෙනාම මැදිහත් කරගෙන නිලධරයන් පත් කර ගත් බවයි.
දායක සභා සාමාජිකාවක සහ පංසල දායක සභාව නමින් මිලට ගැනීමට මුල්වූ අයගෙන් කෙනකු බව කියන රේඛා ලියන්වල (සීතා) මහත්මිය කීවේ දායක සභාවේ ව්‍යවස්ථාව වෙනස් කර විහාරස්ථානයේ හිමිකම අත්පත් කර ගැනීමේ සියුම් වැඩපිළිවලක් ඇති බවයි.
ධම්මික හිමියන් විහාරය දියුණු කිරීමට සෑහෙන කැප කිරීමක් කළ බව දායක සභාවේ ඇතැමෙක් කියති.
වසර දෙකෙන් දෙකට විහාරාධිපතිවරයකු පත් කිරීමේ වැඩපිළිවෙළක් මුලින් තිබූ බවත් දැන් එය වෙනස්වී ඇති බවත් දායක සභාවේ තව පිරිසක් කියති.
කෙසේ වෙතත් නිලවරණය දූෂිත වූ නිසා අධිකරණ තීන්දුවක් ගන්නා බව සීතා මහත්මිය කියන්නීය.
ඇගේ නීතිවේදියෙක් ද නිලවරණයදා පංසලට කැඳවා තිබිණි.