මිලානෝ ලංකාරාමය වෙසක් සමරයි


බුදු තෙමගුල සිහිපත් කරමින් "සිල් සියපත " ආමිස පුජ සහ ප්‍රතිපත්ති පුජාමය සීල
භාවනා වැඩසටහන පසුගිය 26 වන ඉරුදින දවස පුරා මිලානෝ ලංකාරාමයේ බොහෝ
සැදැහැවතුන්ගේ  සහභාගිත්වයෙන් පැවැත්විණි.

ලංකාරාමාධිපති  ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම පැවැත්විණි.

විහාරාධිකාරී  කොටිකාවත්තේ ධම්මකුසල හිමි හා විහාරවාසී
බඩල්කුඹුරේ ධම්මසිරි හිමි  ඇතුළු ලංකාරාම බෞද්ධ සංගමය දවස පුරා සුත්‍ර දේශනා , භාවනා වැඩසටහන් හා ධර්ම සාකච්ඡා  සංවිධානය කරති.

 දහවල් ව්‍යංජන 32 සහිත දළදා සම්බුද්ධ පුජාව සහ    සවස අසිරිමත් සත් සති වන්දනා වැඩසටහනින් පින්කම් මාලාව අලංකාර විය .