මිලානෝ මුස්ලිම් සංවිධානයක් එයි


ඉතාලියේ ශ්‍රී ලාංකික මුස්ලිම් එකමුතුව පසුගියදා මිලානෝ නුවරදී පිහිටුවා ගනු ලැබිණි.

ඉතාලියේ නොයෙක් නගර ආවරණය කරමින් මිලානෝ නුවරට පැමිණි සියයකට අදික ශ්‍රී ලාංකික මුස්ලිම්වරු අතරින් සභාපති ලෙස  අතිෆ් අබුල්හෂෙන්  මහතාද, ලේකම් ලෙස  සහිර් අද්බුල් සලාම් මහතාද, ප්‍රධාන සංවිධායක ලෙස  රිල්වාන් ශක්කාරියා ද   තේරී පත්වුහ.

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට සිදුවන කුමනයම් හෝ කරදරයකදී හැකි පමණින් පිහිට වීමටත් ජාති ආගම් කුලමල බේදයකින් තොරව උපන් බිමට කල හැකි සේවයක් කිරීමට තම සංවිධානය පිහිටුවා ගැනීමේ අරමුණ බව සභාපති අතිෆ් අබුල්හෂෙන් කියයි.