මිලානෝ නුවරට තව දහම් පාසලක්


මිලානෝ නගරයේ ජිවත්වන ශ්‍රි ලාංකික දු දරුවන්ගේ ආගමික සංස්කෘතික හා භාෂාමය දැනුම වර්ධනය කිරිම සදහා නව දහම් පාසලක් ජුනි  02දා උදේ 10ට වියා පස්තෙවුර් අංක 17 ස්ථානයේදී  පල්ගහාතැන්නේ සීලවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.

 විස්තර 3881865972 දරන දුරකතන අංකයෙන් ලබාගත හැකියි.

මිලානෝ නගරයේ සත්සර කලා ආයතනයේ සිසු සිසුවියන්ගේ මෙත් මල් යාය 02ක වෙසක් බෑති ගී ප්‍රසංගය මෙවරත් ජුනි මස 01වෙනිදා සවස 06ට පයස්සාලේ ප්‍රෑන්චෙස්කෝ කරේරා අංක 17ස්ථානයේදී පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.