ඉතාලියෙ වාණිජ අගනගර වන මිලානෝ නුවරට ස්ථිර කොන්සියුලර් කාර්යාලයක් අවශ්‍ය බව උතුරු ඉතාලියෙ ජිවත්වන ශ්‍රි ලාංකිකයෝ පවසති. එමගින් කාලය ඉතුරු කර ගනිමින් අඩු වියදමකින් තානාපති කාර්යාල අශ්‍රිත ගැටළු විසදා ගත හැකි බව ඔවුහු කියති.
මේ පිළිබඳව එසෑණ සමග අදහස් දෑක්වු දේශපාලන පක්ෂ ක්‍රියාකාරිහු කිහිපදෙනෙක් මෙසේ පෑවසුහ. මිලානෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ක්‍රියාකාරි ශාඛාවේ සභාපති මිහිර පුංචිහේවා ,
ඇත්තෙන්ම ලබන වසරේ පැවැත්වෙන එක්ස් ෆෝ 2015 ලෝක වෙළද ප්‍රවර්ධන වැඩසටහනත් එක්ක මිලානෝ නුවරට ස්ථිර කොන්සියුලර් කාර්යාලයක් අවශයයි. ඒ වගෙම උතුරු ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ට ඒ මගින් විශාල සේවයක් ඉටු වෙනවා. පත්වන නිළධාරියා කවුරු හෝ වේවා දක්ෂ අවංක බුද්ධිමත් අයෙක් විය යුතුයි.
ලොම්බර්දියා මිලානෝ එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියෙ සභාපති ශර්ලි ජයමාන්න, කොන්සියුලර් කාර්යාලයක අවශ්‍යතා ගොඩාක් කල් ඉදලා අපිට තියෙනවා. ඉතාලියේඋතුරු පලාතේ තමයි වෑඩිපුරම ශ්‍රි ලාංකිකයො ජිවත් වෙන්නෙ. ඒ අයගේ අවශයතා ඉටුකරගන්න රෝමයට යන්න ඕන. ඒ සදහා අදික වියදමක් යනවා. කාලයත් වැයවෙනවා. මේ කොන්සියුලර් කාර්යාලය ලැබිය යුතුම දෙයක්.
ජනතා විමුක්ති පෙරමුණේ මිලානෝ නුවර කමිටු සාමාජික නිව්ටන් ජයලත්,
ඉතාම හොද දෙයක්. නමුත් පත්වෙන කොන්සියුලර් නිලධාරියා අවංක අයෙක් වෙන්න ඕනෑ. දේශපාලනයෙන් තොරව හැමෝටම පොදුවේ සේවය ලබා ගන්න පුළුවන් කොන්සියුලර් කාර්යාලයක් ස්තාපිත කළොත් අරමුණ ඉෂ්ට වෙවි.
නෑත්නම් කෙටි කාලයකදි විනාශ වෙලා යාවි. ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ඉතාලි කැදැවුම්කරු කුමාර අජිත් මහතා, දේශපාලන පක්ෂ ක්‍රියාකාරි සාමාජිකයෙක් විදියටත් මිලානෝ නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයෙක් විදියටත් මම කියන්නේ අනිවාර්යෙන්ම මිලානෝ වලට ස්ථිර කොන්සියුලර් කාර්යාලයක් තිබිය යුතුයි.
මමත් මගේ ලියැවිලි වැඩ කරගන්න රොමයට ගියා. පුදුම දුකක් විදින්න ඔනේ. ප්‍රසිද්ධ වියාපාරික මෝදනා වසන්ත කිර්තිරත්න, මුළු ඉතාලියෙම වගේ ඉතාලියේ උතුරු පළාතේ ජිවත්වන ශ්‍රි ලාංකිකයෝ රට වෙනුවෙන් ගොඩාක් වෑඩ කරන අය. යුද්දේ කාලේ තමන්ගේ වියදමින් ජිනිවා ගියා.
කොටි ක්‍රියාකාරි නගරවලට ගිහින් උද්ඝෝෂණ කළා. ඔවුන් මේ හෑම දෙයක්ම කළේ තමන්ගේ රට වෙනුවෙන්. අන්න ඒ මිනිස්සුන්ට රජය කළගුණ ඉටු කරනවා නම් මිලානෝ නුවරට මේ කොන්සියුලර් කාර්යාලය ලබා දිය යුතුයි. මිලානෝ නුවර ජිවත්වන චින්තක චන්දන කුමාර, යුරෝ විස්සක් (රුපියල් 3600 )වගේ පොඩි මුදලක් දිලා තමන්ගේ ගමන් බලපත්‍රය අලුත් කර ගන්න කිලොමිටර් 650ක් මඟ ගෙවා රෝමයට යන්න ඕනේ.
නැතිනම් අතර මැදියකු සේවය ලබා ගන්න ඕනෑ. අතර මැදියෝ ගිහින් අතමිට මොලොලා කියක් හරි දිලා තමන්ගේ වැඩේ කර ගන්න නිසා තානාපති කාර්යාලයේ ඇතැම් නිලධාරිනුත් දුෂිතයෝ බවට පත් වෙලා.මම මේක වගකිමෙන් කියන්නේ. මේකට හොදම විසඳුම තමයි මිලානෝ නගරයට ස්ථිර කොන්සුලර් කාර්යාලයක් ලබා දෙන එක.

