මිලානෝ ජංගමේ දින දෙකයි


ඉතාලියේ උතුරු පලාතට වන්නට ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ගේ තානාපති කාර්යාල ආශ්‍රිත ගැටළු විසදිම සදහා තානාපති ජංගම සෙවයක්  නොවැම්බර් 30 වැනිදා හා දෙසැම්බර් 1 වෙනිදා මිලානෝ ලංකාරාමයේදී පැවැත්විමට නියමිතය.

ජංගම සෙවය පැවැත්විම සදහා ස්ථාන කිහිපයක් සොයා බැලුවත් එ සදහා සුදුසු ස්ථානයක් නොලැබුන බවත් අවසානයේදී පැමිණෙන අතිවිශාල පිරිසකට පහසුකම් සලසා දිය හැකි ලංකාරාමය ඒ සදහා තෝරාගත් බව  තානාපති බැනට් කුරේ මහතා පවසයි.

එක් පිරිසක් හෝ සංවිධානයක් මගින් මෙම ජංගම සේවය නොපවත්වන බවත් සියලු විමසිම් තානාපති කාර්යාල දුරකථන අංකයෙන් හා ෆෑක්ස් අංකයෙන් ලබා ගත හැකි බවත් කිසිදු බේදයකින් තොරව මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නැයි ඒ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාල දුරකථන අංකය,068554560/068840801 ෆෑක්ස් 06842416708