ඉතාලියට පත්ව ආ නව තානාපති බැනට් කුරේ මහතාගේ ප්‍රථම තානාපති ජංගම සේවය පසුගිය සති අන්තයේදි මිලානෝ නුවරදි පැවැත්විණි. දහසකට අධික පිරිසක් ඒ සදහා සහභාගි වු බවත් ඔවුන් හට උපරිම සේවය ලබා දිමට කටයුතු කළ බවත් තානාපති කියයි.
‘ඇත්තෙන්ම හිතපු නැති විදියට මහා සෙනගක් ආවා. අපි නිලධාරින් දහතුන්දෙනයි හිටියේ. මගේ නිලධාරින් උදේ 8 පුටුවේ වාඩි වුණා. නැගිට්ටේ රෑ 12 ට. ඔවුන් දවල්ට කෑවේ හවස 4 ට. පෑමිණි අයටත් උපරිම සේවය ලබා දුන්නා කියලා මම හිතනවා. මෙක මගේ ඉතාලියේ පළමු ජංගම සේවය. යම් අඩුපාඩුවක් උනා නම් එය ලබන සැරේ වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ.‘ තානාපති එසැණට එසේ පෑවසීය.
පසුගිය දින දෙකෙදි ජ0ගම සේවයෙන් ගැටලු විසදා ගෑනිමට පෑමිණි බොහෝ පිරිසක් එසැණට කතා කරමින් කියා සිටියේ තානාපති කාර්යාල නිලධාරින් නොවන මිලානෝ නගරයේ ජිවත්වන ටයිකොට් දමාපු කිහිප දෙනෙක් තම බලය උපයෝගි කොට අ0ක පිලිවෙලට නොව වෙනත් මාර්ග වලින් තම හිතවතුන්ව ඇතුළු කළ බවය.
තානාපති කුරේ මහතා කියා සිටියේ එවෑනි දෙ සිදු නොවන්නව්තමන් වග බලා ගන්න බවයි . ඇත්තෙන්ම තානාපති ඊට මැදිහත් වුණා. සිතලේ පොලිම් වල හිටපු මිනිස්සුන්ට අන්තිම මොහොතේ හරි සාධාරනයක් ඉටු වුණා. එසැණටත් තානාපති තුමාටත් එකට ස්තුති වන්ත වෙනවා.. මිලානෝ නුවර චින්තක චන්දන කුමාර මහතා එසේ කියයි.