පෙබරවාරි 1 වැනි සඳුදා සිට ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ වැඩ අරඹන බව කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය පවසන්නීය.
ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින්හට මෙන්ම අනෙකුත් ජාතින්හටද සේවා ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇය පවසන්නීය. ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ මිලානෝ අවට සිටිති.
ඉතාලියේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැලකෙන මිලානෝ පුරවරයේ සම්පුර්ණ ජනගහනය මිලියන 1.3 කි. ලෝකයේ රටවල් 128ක කොන්සුලර් කාර්යාල එම නඟරයේ පිහිටා ඇත.
මිලානෝ කොන්සියුලර් කාර්යාලය මඟින් ලොම්බාර්ඩි, ෆ්රිඋලි වෙනිසියා ගිඋලියා,ලිගුරියා, පිඑඩ්මෝර්, ට්‍රේන්ටිනෝ ඇල්ටෝ දිගේ, වලේ ඩි අඔස්තා සහ වෙනේටෝ යන ප්‍රාන්තවල ජීවත්වන්නන්හට මේ කාර්යාලයේ සේවා සැලසේ.
නව කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සේවයේ දීර්ඝ පලපුරුද්දක් සහිත පරිනත නිලධාරිනියකි. මීට පෙර ඇය අබුඩාබි සහ බර්ලින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේද සේවය කළාය.





