මිලානෝ අලි සංවත්සරය පවත්වති


එක්සත් ජාතික පක්ෂය මිලානෝ ලොම්බර්දියා නව ශාඛා  සමිතියේ සමාරම්භක මහා සභා හමුව මිලානෝ නගරයේ  වියා පාදුවා ,නො 126 දරන ශාන්ත ජොවන්නි  ක්රිස්තොත්තමෝ  ශාලාවේදී පැවැත්විණී.

ෂර්ලි ජයමාන්න  අභිනව නව සභාපති ලෙස  (මිලානෝ ව්‍යාපාරික) සියලු දෙනාගේ ඒකමතික තීරණය මත තෝරා පත් කරගන්නා ලදි.තවද සුමිත්  පසන්න මහතා නව ලේකම්වරයා ලෙසද  නියෝජ්‍ය  සභාපතිවරු ලෙස ස්ටැන්ලි ලක්ෂ්මන් ප්‍රනාන්දු සහ නලින්ද සෙනවිරත්න යන අය  පත් කරගනු ලැබුහ.

විදුරංග පුෂ්පකුමාර ,ලකිත් ෂර්මන් යන අය නියෝජ්‍ය ලේකම්වරුන් ලෙසත් තවද චන්ද්‍රලාල් වන සිංහ භාණ්ඩාගාරික ලෙසද රුක්මල්  සමන්ත වීරසිංහ  මිලානෝ නව නගර සංවිධායක ලෙසද පත් කැරගනු ලැබුහ.

 දැඩි වර්ෂාව  සහ සීතල නොතකා සැළකිය යුතු එජාප ක්‍රියාකාරීහු ඊට සහභාගී වුහ.