මිල්ල සොයා ගිය ත්‍රාස ජනක කතා


 

 

 

ශීත ඍතුව ගෙවී යුරෝපයට වසන්තය උදා වන්නට විය.තුරු ලතාවෝ මලින් පිරි ලස්සන වී සිටිති.      සමනළයෝද මී මැස්සෝද ඒ මල්වලට පොරකති.

මිනිස්සුද ප‍්‍රබෝධමත් වී සිටිති. ගොවීහු තම සුපුරුදු ගොවිතැනෙහි නියැලෙති.

මේ අතර මලින් බරවූ ඇපල් ගස් යායක අසිරිය දොර කවුළුවෙන් ගෙට පෙනේ. ඒ අසිරිය විඳ ගැනීමට ඔහු ජීවතුන් අතර සිටී.
නාදුනන රටක රුදුරු මාෆියාකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයන් දොළොස් දෙනකු අතර ඔහු එක් අයෙකි.

ඒ අතීතය සිහිවන විට ඔහුගේ ඇෙඟ් හිරිගඩු පිපේ. හන්ගේරියා දෙබිබ‍්‍රසීන් නුවරට නුදුරු විශාල ගොවි බිමක් මැද පිහිටී පාළු නිවසක ඔහු ඇතුළු දොළොස් දෙනා සිරකරුවෝය. ඒ 2001 වර්ෂයේ මාර්තු අවසානයයි, ඉතාලිය නම් සුරපුරයේ මිල්ල සොයා ආ ගමනේ ජීවිතයත් මරණයත් අතර සටන එසේ සිදු විය. දේශසීමා තරණය කරමින් රටකින් රටකට හොරෙන් ඇතුංවීම නීති විරෝධී වූවත් තැරැව්කරුවකුගේ මුසාවකට රැවටුණු මොවුන් සියලූ දෙනා රුසියාව යුක්කේ‍්‍රනය හරහා හන්ගේරියාවට ඇතුළු වී සිටිති. ඒ සඳහා ගතවූ කාලය මාස අටකට ආසන්නය. සෑම දේශසීමාවක්ම හොර රහසේ තරණය කිරීමට ඒ රටවල මාෆියාව කල්ලිවල සහය ලබා ගත යුතුය.
පන්නිපිටිය ප‍්‍රදේශයේ ජීවත්වන ”තිස්ස” නැමැති පුද්ගලයා අපගේ ප‍්‍රධාන තැරැව්කරු වන අතර රුසියාවේ පිටර් යුක්කේ‍්‍රනයේ බෝලින් යන අන්වර්ථ නම්වලින් හඳුන්වන ලාංකිකයෝ දෙදෙනා ඔහුගේ ගෝලයෝය.
ඔවුහු නැගෙනහිර යුරෝපයේ බොහෝ රටවල මිනිස් ජාවාරමේ යෙදෙන මාෆියා කරුවන් සමග ඍජු සම්බන්ධතාවක් පවත්වති. මාෆියාකරුවකුගේ මගපෙන්වීම මත රාත‍්‍රී කාලයේ පමණක් දේශ සීමා පැනගත යුතුය. ඒ සඳහා කිලෝමීටර් 20 කට වඩා වැඩි දුරක් පයින් ඇවිද යා යුතුය. දේශසීමාව තරණය කිරීමෙන් පසු දැනුම් දෙන වේලාවට නියමිත ස්ථානයක් කරා මෝටර් රථවලින් ළඟාවන තවත් පිරිසක් සංක‍්‍රමණිකයින් පිරිස නංවාගෙන ඔවුන්ගේ කෙම් බිමක් කරා ගමන් කරති.
එහිදී තැරැව්කරු පොරොන්දු වූ මුදල මාෆියා කරුවන්ට දීමෙන් පසු ඒ රටේ අදාල පුද්ගලයාට සංක‍්‍රමණිකයින් පිරිස බාරදෙනු ඇත. ඒ අනුව රුසියාව යුක්කේ‍්‍රනය දේශසීමාව කරණය කර දීමට එක් සංක‍්‍රමණිකයෙකු වෙනුවෙන් ඩොලර් 650 ක (රුපියල් 83200 මුදලක් මාෆියාකරුවෝ අය කරති. යුක්කේ‍්‍රන හංගේරියා දේහසීමාව සඳහා ඩොලර් 1200 කින් (රුපියල් 153600* 2001 වර්ෂය යනු යුරෝපා සංගමය පොදු මුදල් භාවිතයක් සඳහා යුරෝ හඳුන්වා දීමට සූදානම් වූ සමයයි.
නැගෙනහිර යුරෝපය හරහා දේශසීමා ඔස්සේ යුරෝපා රටවලට ඇතුළුවන විදේශිකයන් අවම කිරීමට යුරෝපා සංගමය හංගේරියාව වැනි රටවලට විශාල මුදල් ප‍්‍රතිපාදන ලබා දෙමින් දේශසීමා ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ක‍්‍රියාකොට තිබිණි. ඒ අනුව රුසියාව යුක්කේ‍්‍රනය හංගේරියාව සොලෝවේකියාව  ඕස්ටි‍්‍රයාව හරහා වසරක් පුරා මේ අවස්තාවේදී ඔවුන් සියලූ දෙනා දේශසීමා ඔස්සේ හංගේරියාවට ඇතුළු වුවත් දේශසීමා ආරක්‍ෂකයන්ට හසුව නැවත යුක්ක්‍රේනයට පිටුවහල් කරනු ලැබූ ඔවුහු කබලෙන් ලිපට වැටුණාහ. ඔවුන් රැුගෙන ආ මාෆියාකරුවෝ ඔවුන් අතරමං කර ඉතා සූක්‍ෂම ලෙස අතුරුදහන් වූහ. දුන් සල්ලිත් නැත, දෙන්නට තවත් සල්ලිත් නැත, කන්නත් නැත, අදින්නත් නැත. කර කියා ගත කිසිත් ද නැත, ජීවත්වනවාද මැරෙනවාද යන්න සිතුණ වාර අපමණය.
කෙසේ වෙතත් මාස කිහිපයක ඇවෑමෙන් ඔවුහු මංගේරියාවට ගෙන එනු ලැබූහ. මිනිස් පුළුටක් ඇස නොගැටෙන තෙරක් නොපෙනෙන ගොවි බිමක හුදෙකලා නිවසක එවුහු සිරකරුවෝයි. දුක කියන්නට කෙනෙකු නැත. සිටියේ දෙවියන් බුදුන් පමණි. තප්පරයෙන් තත්පරය මිනිත්තුවෙන් මිනිත්තුව ඔවුහු මැරි මැරී උපදිති. යුන්කේ‍්‍රන හංගේරියා දේශසීමාව තරණය කිරීම සඳහා අප රුදුරු මාෆියාකරුවන්ට බාරදුන් ශ්‍රී ලාංකික තැරැුව්කරුවන් අතුරුදන් වෙලාය.
ඔවුන්ගේ දුරකථන පවා ක‍්‍රියා විරහිතය. දින සති බවට පෙරැුළි මාසයකට අධික කාලයක් ඔවුහු ඒ බිහිසුණු වධකාකාරයේ සිරකරුවෝය. ඇගට දියපොදක් නොමැතිව නොකා නොබී අධික කුසලින්නේ ගෙවන වේදනාකාරී ජිවිතය ඉවසා ගත හැකි වූවක් මාෆියාකරුවන්ගේ මරණීය තර්ජන කෙසේවත් ඉවසා දරා ගත නොහැකි විය.
”උඹලා වෙනුවෙන් පෙනී සිටී උන් පැන ගිහින් දැන් අපිට සල්ලි  ඕනෑ. උඹලගේ ගෙවල් වලින් සල්ලි ගෙනත් දීපන් නැත්නම් උඹල මරණවා. ”ඔවුහු එසේ තර්ජනය කරති. ඩොලර් 13400 මුදලක් අප නැවත ඔවුන්ට ගෙවිය යුතුය. ඉතාලිය කරා රැුගෙන යෑම සඳහා ලංකාවෙන් පිටත්වීමට මත්තෙන් එක් අයෙකු රුපියල් ලක්‍ෂ 10 ක් ප‍්‍රධාන තරැුව්කරුට ගෙවූ මේ දොළොස් දෙනා තව උගුලක පැටලී සිටිති.
මළ හිරු බැසයමින් තිබිණි. ඒ මුසල දිනය උදා විය නවීන ගිනි අවි වලින් සන්නද්ධ හැඩි දැඩි කිහිප දෙනෙක් සමග තවත් අයෙක් නිවසට ඇතුළු වෙති. අප සියලූ දෙනා එම නිවසේ තිබූ එකම කූඩා කාමරයකට දැමූ ඔවුන් අත රැුඳි ජංගම දුරකථන අපට දුන්හ. ‘ලංකාවට කතා කර පල්ලා. සල්ලි ගෙනත් දීපල්ලා’
පළමු වාරයේ මගේය අතුරුගිරියේ සිටින සොයුරාට මම ඇමැතුමක් ලබා ගතිමි. ‘මම චමින්ද එසේ කියද්දී. ‘ඩොලර් ඩොලර්’ යැයි මාෆියා කරුවෝ කෑ මොර දෙති.
ගත වූ නිමේෂයේදී උරහිස හරහා වැදුණු තුවක්කු බඳ පහරින් චමින්දට ‘අම්මෝ’ යැයි ඉබේට කියවිණි. ඒ සියලූ දේ ඔහුගේ සොයුරා දුරකථනයෙන් අසාගෙන සිටී, ඒ සමඟ අස හරහා වැදුණු බ්ටු සපත්තු පහරින් හිස බිත්තියේ වදිනවා පමණක් ඔහුට මතකය නැවත පියවි සිහියට එන විට ඉවසා දරාගත නොහැකි වේදනාවක් දැනිණි.  තවත් අපගේ කිහිප දෙනෙක් ලේ ගලන තුවාල සමඟ කෙදිරි ගාති. මාගේ වම් ඇසෙන් ගලා එන ලේ ධාරාවන්ගෙන් එකම ඇදිවත තෙත්වී තිබේ. ඇස් දෙකක් නොමැති තරමට මුහුණ ඉදිමී ඇත.
‘‘තව දවස් පහකින් අපේ කිහිප දෙනෙකුගේ අත් කපා ඉවත් කරනවා කිව්වා. ඊට ඉස්සෙල්ලා මුදල් ගෙනත් දෙන්න කිව්වා. උන් අනිවාර්යයෙන්ම ඒක කරනවා. ඒ කාමරේ හැම තැනම ලේ පැල්ලම්. මීට ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා’’
එක් අයෙකු එසේ කියනු මට ඇසිණි. මේ මොහොත වන විට මාෆියා කරුවන් අපට ලබා දී තිබූ ජංගම දුරකථනයට එක පිට එක ඇමතුම් ලැබෙමින් පවතී. ඒ ලංකාවෙනි. ‘අපි ඔයාලව කොහොම හරි බේරගන්නවා. බයවෙන්න එපා ‘ඔවුහු එසේ කියති’ එය සැනසීමකි. ඒත් රුදුරු මාෆියාකරුවන් දකින විට එය සිහිනයකි. එම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබාගැනීමට නොහැකිය. ඒත්  ඕනෑම අයකුට අප හා සම්බන්ධ විය හැකිය. මාෆියාකරුවන්නට වැරදුණු තැනද එතැනය.
තුවාල වලට කිසිදු බෙහෙතක් නොමැතිව දැඩි වේදනාකාරී දින දෙකක් ගෙවී ගියේය. චමින්ද අසල ඇති ජංගම දුරකථනය නාද වෙයි.
‘‘මේ කතාකරන්නේ හංගේරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඔයාලා හිරවෙලා ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඔතනින් පැන යන්න විදියක් නැද්ද’’ එම නිලධාරියා චමින්දගෙන් ඇසීය.
‘‘නැහැ මෙතැන තුවක්කුවක් අතින් ගත් මිනිහෙක් ඉන්නවා. එයා ගොවිතැන් කරන විදියටයි ඉන්නේ. අනික ලොකු බල්ලන් හතරදෙනෙක් ඉන්නවා’’ චමින්ද එසේ කීය.
‘ඔයාලා නීති විරෝධිවයි රටට ඇතුළු වෙලා තියෙන්නේ ඉන්න තැනක් අපි දන්නෙත් නැහැ. අනික අපිට පුළුවන් හැමදේම කරලා ඔයාලා මාෆියාකරුවන්ගෙන් බේරගන්න උත්සහා කරනවා. එතෙක් පරිස්සමින් ඉන්න. අපි කතා කළ වගක් උන්ට කියන්න එපා’’ ඔහු එසේ පැවසීය. තවත් දිනක් ගෙවී යයි. එහි දිග වසරකටත් වැඩි යැයි සිතේ. තවත් දිනකට හිරු උදාවීමට ආසන්නය. ඒ අලූයම් යාමයයි. ඉහළ අහසේ සැරිසරන හෙලිකොප්ටර් යානයකි. ඒ සමඟ දුරකතනය නාදවෙමින්විටෙකින් විසන්දි වේ. හෙලිකොප්ටර් යානය විනාඩි විස්සකට වඩා වැඩි කාලයක් කැරකෙන විට දුරකථනය නාද වූ වාරද අනන්තය.
තවත් හෙලිකොප්ටර් යානයක් ඉතා පහතින් ගමන් කරයි. ඒ සමගම වහළ මත යමෙක් ගමන් කරන හඬ ඇසේ. හෙලිකොප්ටර් යානා හඬ පහව ගිය පසු ජිප් රථ කිහිපයක හඬ ඇසෙන්නට පටන් ගනී, ගුවන් විදුලි හුවමාරු යන්ත‍්‍රවලින් පිටවන හඬවලට පිළිතුරු දෙන හඬින් මේ දොළොස් දෙනාට  ඕනෑ දෙයක් වෙද්දෙන් ඔවුහු එසේ සිතූහ. දැන් මොනවා වූවත් ඊට මූණ දිය යුතුව ඇත. ඔවුනට විකල්පයක් නැත. පැයකට අධික කාලයක් සිදුවූ මෙම ක‍්‍රියාදාමය අවසන් අදියර කරා ළඟාවෙමින් පවතී. බල්ලන්ගේ බිරීමද අවසන්ය. තීරණාත්මක අවස්ථාව උදාවීය. ඉහළ වහලේ උළු කැට බිද දමමින් නිවසට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පිරිසකි. කළු ඇඳගත් පිරිසක් ඒ සමගම ඉදිරිපස දොරටුව කඩාගෙන නිවසට ඇතුළු වූහ. හංගේරියානු යුධ හමුදාවේ විශේෂ බළකාය ඇඳුමෙහි එසේ සටහන්ව තිබිණි. ඇස් පමණක් නිරාවරණය වන සේ කළු ඇඳුමින් හැද සිටි ඔවුන් චමින්ද ඇතුළු දොළොස් දෙනා එළියට රැුගෙන ආහ.
නිවස ඉදිරිපිට සිටි දැවැන්ත බල්ලෝ වෙඩි තබා සිටිති. විශේෂ බළකා නිලධාරීහු ප‍්‍රාණ ඇපකරුවන් බේරාගත් සුවිශේෂී ක‍්‍රියා දාමය අවසන් කොට විනාඩි කිහිපයකින් නික්ම ගියහ. මාෆියා කරුවෝද එතැන් සිට බාරවූයේ හංගේරියානු දේශසීමා ආරක්‍ෂකයින්ටය. ඔවුහු චමින්ද ඇතුළු පිරිස තම කඳවුර වෙත රැුගෙන ගිය විගස වෛද්‍ය සායනයක් වෙත යොමු කරනු ලැබූහ. හංගේරියා ආරක්‍ෂක අංශ ඔවුන් සිටි තැන දැනගත්තේ කෙසේද එය මෙසේ විදුවීය.
අප සමඟ සිටි මිතුරෙකුගේ සොහොයුරෙක් අපගේ දුරකථන අංකය හංගේරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබා දෙමින් කෙසේ හෝ ඔවුන් බේරා දෙන ලෙස ඉල්ලීමක් කළේය. ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් හංගේරියා ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් අනුව අප මෙසේ නිදහස් කර ගැනීමට හංගේරියා විශේෂ බළකාය උඩින් ආවේය.
එදා හංගේරියා වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටි නිලධාරීන් කවුරුන්දැයි මේ වන තුරුම ඔවුහු නොදනිති. තම සේවය අකුරටම ඉටු කරමින් මිනිස් ජීවිත දොළහක් රුදුරු මාෆියාකරුවන්ගෙන් බේරාගත් එම නිලධාරින් කිසිවකු එදා එමගින් අනවශ්‍ය ප‍්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවූ බව පමණක් දනිති. ඔවුන් එසේ කියනුයේ ඇමරිකා ත‍්‍රාසජනක චිත‍්‍රපටයක මෙන් රුදුරු මාෆියාකරුවන්ගෙන් ඔවුන් බේරා ගත් එම සිදුවීම ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයට ලබාදෙමනි විශාල ප‍්‍රසිද්ධියක් එමගින් ලබා ගැනීමට හැකියාව තැබු නිසාය. රාජකාරිය දේවකාරියක් කරගනිමින් රාජ්‍යතාන්ත‍්‍රිකව කටයුතු කළ එම නිලධාරීන්ගේ අගනා ක‍්‍රියා දාමය මියයන තුරුම තම හදවත් වල ලියැවී තිබෙන බව ඔවුහු කියති.
ඉතාලියට ඒමට වසරක් යුරෝපයේ කරක් ගැසීමට සිදුවිය. ඔවුන් විදි දුක් නිමක් නැ. ත‍්‍රාසජනක සිද්ධි නිමක් නැත.

මතු සම්බන්ධයි....