(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත‍්‍රය පිලිබඳ තමන්ටත් නොතේරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) පැවසීය.
ඉන්ධන මිල සූත‍්‍රය දැනගැනීමෙන් ජනතාවගේ මොලේ මෙයටත් වඩා අවුල් විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඉන්ධන මිල සූත‍්‍රය පිලිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කෙරෙන හෙට (10) දිනයේද ඉන්ධන මිලෙහි අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු කීය.
පෙබරවාරි මුල වනතෙක් ලෝක තෙල් මිල අඩුවේයැයි විශ්වාස තැබිය නොහැකි බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
ලෝක තෙල් මිල වැඩිවීම සහ රුපියලේ අගය තෙල් මිල කෙරෙහි සෘජුවම බලපාන බවත් මිල සූත‍්‍රය ප‍්‍රකාශ කිරීම පිළිබඳ ලබන සතිය වනවිට මාධ්‍ය හමුවක් කැ`දවීමට අපේක්ෂා කරන බවත් මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් කීය.