මිල අඩු කෙරෙන ඖෂධ ලැයිස්තුව සිකුරාදා එළියට


ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියට අනුව මිල අඩු කෙරෙන ඖෂධ ලැයිස්තුව ලබන සිකුරාදා (23) ප‍්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ අනුස්මරණ උත්සවය එදින පැවැත්වෙන අතර එහිදී මෙම ඖෂධ ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කරන බව ද ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත‍්‍රික් ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.