මිරිසුවිල් ඝාතන නඩුව විභාගවේ


යාපනයේ මිරිසුවිල්ලේදී  වැසියන් අට දෙනකු ඝාතනය කිරීමේ නඩුව කොළඹ මහාධිකරණයේ දී අද  විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය ඇරැඹිණි.

ගුණපාලන් රවි වීරන් ,සෙල්ලමුත්තතිවකුලසිංහම්, විල්වරාසා ප්‍රදීපන් (13) නදීරන් ජයචන්ද්‍රන් , සින්නයියා විල්වරාසා (40) කදිරගාමර් චන්ද්‍ර (35),ඥානචන්ද්‍රන් ශාන්ත (15) හා විල්වරාසා ප්‍රසාද් (05)  200.12.19 වැනිදා මරා දැමීයැයි  හය වැනි ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් සුනිල් රත්නායත,ලුතිනන් සේනක මුණසිංහ,ලාන්ස් කොප්‍රල් ටී එම්  ජයරත්න , පුෂ්ප සමන් කුමාර් හා කෝප්‍රල් ජෙමිණි මුණසිංහ චෝදනා ලැබ සිටිති.

විශේෂ මහාධිකරණයේ ජී සුරසේන (සභාපති ) ලලිත් ජයසුරිය විනිසුරු හමුවේ නියෝජ්‍යය සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අද පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය ආරම්භ කළේය.

මුලින්ම චාවකච්චේරි උසාවියේ විභාග වු නඩුව ඉන් පසු අනුරාධපුරයටත් එතැනින් කොළඹටත් මාරු කැරිණි.

ජනාධිපති නීතීඥ අනිල් සිල්වා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

වැඩිදුර විභාගය මැයි 27 වැනිදාට කල් තැබිණි.