ශ්‍රි ලංකාවේ මිරිස් අවශ්‍යතාවයෙන් සීයට අසුවක් විදේශයෙන් ගෙන්වන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පැවසිය. දැනට අප රටට පරිභෝජනය සඳහා මිරිස් මෙට්ට්‍රික් ටොන් 60000 ක් අවශ්‍ය බවත් ඉන් රට තුළ නිෂ්පාදනය කරන්නේ මෙට්ට්‍රික් ටොන් 20000ක් පමණක් බවත් ගොවින් මිරිස් වගාව කෙරේ නැඹුරු විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා දඹුල්ල සි අයි සි ගොවිපලේ සංචාරයකට එක් වෙමින් සඳහන් කළේය. රජයේ අරමුණ ගොවින් හා පෞද්ගලික සමාගම් සමඟ එක්ව 2018 වසර වන විට අපේ රටේ වගා කළ හැකි භෝග සියල්ල වගා කොට අවශ්‍යතාවය සපුරා ගැනීම බවද කියයි.
ඒ අනුව ලොකු ලුණු, සෝයා, බඩඉරිගු , මිරිස් ආදී දේ වගා කිරීමට ගොවින් නැඹුරු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාකරමින් සිටියි.