මිරියබැද්ද කන්ද තවත් නාය යයි


කොස්ලන්ද මිරියබැද්ද තේ වත්තේ නාය ගිය කන්ද ආසන්නයේම තවත්  කඳු කොටසක් නාය යාමට පටන්ගෙන ඇතැයි පොලීසිය කියයි.

ඒ සමඟ අවට සිටි පිරිස් හිස් ලු අත දුවන්නට  වු අතර එහිදී ඇද වැටීමෙන් කිහිප දෙනකු තුවාල ලැබු අතර ඉන් එක් අයකුගේ පාදයක් කැඩි යාමෙන් ඔහු රෝහල් ගත කැර ඇත.

මේ අතර  නාය යෑමට ලක් වු කෝවිලේ සිටි  හින්දු පුජකවරයාගේ සිරුර ද සොයා ගත් බව පොලීසිය කියයි.

සහන සේවකයෝ ,හමුදා සේනාංක, පොලීසිය අපදා කලමනාකරණ නිලධාරීහු එක්ව අතුරුදන් වුවන් සෙවීමේ කටයුතුවල නියැලී සිටිති.

මිය ගිය ගණන තවත් ඉහළ යා හැකි බව සහන සේවකයෝ කියති.

KOSLANDA-1-M-MAHENDRAN KOSLANDA-1-M-MAHENDRAN-2