(රොමේෂ් මධුෂංක සහ අමදෝරු අමරජීව)
මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය සරණාගතයින් 100 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඊයේ (19) සවස මුලතිව් මුහුදු වෙරලට ගොඩගසා ඇති බවට නවික හමුදාව පැවසීය.
මියන්මාරයේ සිට අදාළ සරණාගතයින් රැගත් යාත්‍රාව වෙනත් රටකට යමින් සිටිය දී එහි සිටි පිරිසට ආහාර හිගවීම හේතුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයට රැගෙනවිත් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වෙයි.
සරණාගත යාත්‍රාවේ සිට පැමිණි පිරිස් අතර කුඩා ළමුන් 20 කට ආසන්න පිරිසක් සිටින බවටද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප : රොමේෂ් මධුෂංක)