මියන්මාර කඳවුරේ සිටි තවත් 27ක් මව් බිමට


(අංජුල මහික වීරරත්න)

මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි.

මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 8ක් ඇතුළු මෙම විසිහත් දෙනා (27) අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ලංකාවට පැමිණියහ.

තවත් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවට වාර්තා වන්නේ යැයි අමාත්‍යංශය කියයි.

ඔවුන් ගෙන්වා ගැනීමට ද අවශ්‍ය කටයුතු යොදන ලෙසත් අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.