දෙව්රම් වෙහෙරේ දී අද අළුයම මියගිය අලියා දැඩි වදහිංසාවට ලක්ව සිටි බවත් අලියා නිතරම ප්‍රකෝපකාරි හැසිරීමක් පෙන්වූ බවත් පරිසරවේදීහු පවසති. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ මේ අලියාගේ පසුපස පාද කැඩී දණ හිසෙන් නැවිය නොහැකි තත්ත්වයකට පත්ව තිබූ බවයි. එසේ තිබිය දී අලියාගේ ගමන් විලාසය දැක්වෙන වීඩියෝවක් මෙහි දැක්වේ. පරිසරවේදීන්ගේ අදහස වී ඇත්තේ අලියාගේ කකුල් මෙසේ විකෘත්ති වී ඇත්තේ හදිසි අනතුරකින් හෝ ස්වභාවික හේතුවකින් නොවන බවයි.

