මිය ගිය ධීවරයකුට සජිත් කෝටියක වන්දි ඉල්ලයි


මෑතදී මිය ගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ සීයක වන්දියක් ගෙවිය යුතු යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී ප්‍රකාශ කළේය.

ඔහු මියගිය ධීවරයන්ගේ නිවෙස්වලට අද ගියේය.

ධීවරයන්ගේ මරණයට හේතුව නිසි පරිදි කාලගුණ අනාවැකි ඔවුනට නොලැබීම නිසා බව ද, අනාගතයේදී එවැනි දේ සිදු නොවීම සඳහා රජය පියවර ගත යුතු යැයි ද ඔහු අවධාරණය කළේය.

රජය මියගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ගෙවීමට තීරණය කර ඇත.