මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට


මිනුවන්ගොඩ හොරන්පැල්ලේ යකාටුවේ සිදුවූ වෙඩි තැබීමකින් 58 හැවිරිදි ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අද (13) රාත්‍රී 7.40ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු ඔහුට වෙඩි තබා ඇති බවත්, වෙඩි තැබූ පුද්ගලයා යතුරුපැදියෙන් මීටර 40ක් පමණ දුර ගොස් එම යතුරු පැදිය දමා පාරේ ගිය පුද්ගලයකුගේ වෙනත් යතුරු පැදියක් පැහැරගෙන පළා ගොස් ඇති බවත් පොලිසිය සදහන් කරයි.