මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයන් 57 ක්


 

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (21) රාත්‍රී 9.55 වන විට තවත් ආසාදිතයන් 57 දෙනෙකු එක් වී තිබේ.


එම ආසාදිතයන් 57 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙක් සහ ආශ්‍රිතයන් 56 දෙනෙක්ද වෙති.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගිය අතර ‍මේ දක්වා වාර්තා වී ඇති මිනුවන්ගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2508 ක් දක්වා වැඩි විය.